Friday, January 14, 2011

වැස්ස වැඩිවීම නිශ්ශබ්ද ව්‍යසනයක්




ගංවතුර ඇවිත් යන නිසා නිවුස් බලලා හැමදාමත් නිදාගත්තත්, පොලොනිනරුවේ මිතුරෙක් කථා කළාමයි වැස්සේ තත්වය බලන්න ඕනේ බව තේරුනේ. ආවාට පස්සේ දැක්කේ ඇත්ත තත්වය. එය බරපතලයි. එය නිශ්ශබ්ද ව්‍යසනයක්. සුනාමිය වගේ මිනිසුන් නොමැරුනාට හරකුන් දසදාස් ගණනක් එක්ක අලි හිටන් ගස් උඩ හිරවෙලා මැරුනු වැස්සක්.

මිනිස්සුන්ගේ ජීවිත බේරුනේ හමුදාව ඉක්මනට ක්‍රියාකරලා මිනිස්සු කඳවුරු වලට ගෙනාපු එක. සෞඛ්‍ය සේවයත්, පොලිසියත්, ප්‍රාදේශීය දේශපාලකයනුත්, ප්‍රදහශයේ ජනතාවත් කොහොම හරි මිනිස්සුන්ට කන්නට දෙනවා.
නමුත් ඇඳගනන හිටිය ඇඳුමින් ළමයි වඩාගන කඳවුරු අය බොහෝමයි.

වතුර ඇවිත් ගෙවල් වෙලාගන කුස්සියේ බඩු ටිකේ ඉඳන් ළමයින්ගේ පොත් පත්, ඇඳුම් ගහගන ගිහින්. සමහරක්ගේ ගෙවල් තාම වතුර යට. හූහක් කඩාගන වැටිලා. ගෙදරට ආදායම දුන්න කුකුළො මැරිලා,වැස්ස නිසා කුලී වැඩ ඇණහිටලා.

එකම ඇඳුමෙන් දවස් ගාණක්, තව දවස් කීයක් ඉන්නට වේද දන්නේ නෑ, ළමයින්ටයි අම්මලාටයි තමා හූඟක්ම ප්‍රශ්න. අත දරුවෝත් රාශියක්. තරුණ අය තැන් තැන් වල. සමහරක් නෑදෑ ගෙවල්වල. පවුල් විසිරිලා.

ළමයින්ට රාත්‍රිය වුතරක් නෙමේ දවලුත් සීතලයි, පොරවාගන්න බෙඩ් ශීට් නෑ. අඳින්න ඇඳුම් නෑ. ආහාර ලැබෙනවා. ළමයින්ට බිස්කට්, කිරිපිටි හිඟයි.

කෑම්ප් වල මදුරුවෝ, වටේටම වතුර නිසා ඩෙංගු බෝ වෙන අවදානම් තියනවා. නාගරික තැන්වල වැසිකිලි උතුරනවා. ලෙඩ බෝවෙන්න පුළුවන්. ඉක්මනට බහින ගංවතුරක් නෙවේ මේ. වැස්ස නිසා හැමතැනම පහත් බිම් පිරිලා. මුහුදත් ගන්නේ හිමිහිට.

සුංගාවිල, ගල්ලෑල්ල, නාවලඩි, වාලචචනේ,සිත්තන්ඩි , කින්නියාඩි, එරාවුරු, චෙන්කලාඩි ස්ථාන සමහරක්. හූඟක් ඉන්නේ ගමේම කඳවුරු වල, විශාල කඳවුරු ටිකයි. හූඟක් අය අවතැන් වෙලා ඉන්නේ ගමේමයි.

මේ වෙලාවේ ඔවුන්ට උදව් අවශයි. රටේ ආර්ථිකයට මෙය බලපෑම අඩුකරන්න. ජනතා සහය අවශ්‍යයි.

No comments:

Post a Comment